Monday, February 24, 2025

General line - 0115112241

ජනාධිපතිවරණය ගැන ජනපතිගෙන් සහ අගමැතිගෙන් ප්‍රකාශයක්



ඉදිරියේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවසුවා.

ඒ, 'Whatzs New' තරුණ නීති වෘත්තිකයන්   සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී පවැති වැඩමුළුවට එක්වෙමින්.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයෙකු විධායක බලතල අහෝසි කරනවා යැයි මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට නීති සම්මත කර ගැනීම අවශ්‍ය බවත් මේ වන විටත් විධායක බලතලවල කොටස් ගණනාවක් පළාත් සභාවලටත්, පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා වෙතත් ලබා දී ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.