Monday, February 24, 2025

General line - 0115112241

නේත්‍රාලෝක වෙසක් කලාපයේ අවසන් දිනයේත් ජන ගඟක්



වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ පැවැත්වෙන නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන, නේත්‍රාලෝක වෙසක් කලාපයේ අවසන් දිනයේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.

අවසන් දිනය වන අද විශේෂ වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මකයි.

වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේදී නෙත් එෆ් එම් රේඩියෝව නේත්‍රාලෝක වෙසක් කලාපය සංවිධාන කළේ වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන්.

එදින සිට මේ දක්වාම අති විශාල පිරිසක් වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයට පැමිණියේ වෙසක් කලාපයේ අසිරිය දැක ගැනීමටයි.

මේ අතර ඓතිහාසික කූරගල පුදබිමේ පැවැත්වෙන වෙසක් කලාපය ද අදින් අවසන් වනවා.