Monday, February 24, 2025

General line - 0115112241

ජනපතිවරණය කල් දමන්න ව්‍යවස්ථාවෙන් ඉඩක්



ජනාධිපතිවරණය සහ මහමැතිවරණය කල් දැමීමට අවශ්‍ය නම් ඒ සඳහාද අවස්ථාවක් පවතින බව නීතිවේදීන් පවසනවා.

ජ්‍යේෂ්ඨ නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පැවසුවේ ඊට අදාළ පනත් කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලය අනුමත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.

පාර්ලිමේන්තුවේදී එය තුනෙන් දෙකකින් සම්මත විය යුතු බවත් ජනමත විචාරණයකින් අනුමැතිය ලබා ගත යුතු බවත් ඔහු මෙහිදී පැවසුවා.

මීට පෙර එවන් අවස්ථාවක් 1982 වර්ෂයේදී සිදු කර ඇති බවයි ජ්‍යේෂ්ඨ නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පැවසුවේ.

ජනාධිපතිවරණය කැඳවා ඇති පසුබිමක ඒ අයුරින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළ හැකිද?

ජ්‍යේෂ්ඨ නීතිඥ යූ ආර් ද සිල්වා සඳහන් කළේ ජනාධිපතිවරණය හා මහමැතිවරණය කල් තැබීම මේ මොහොතේ ප්‍රායෝගික නොවන බවයි. 

ජනාධිපතිවරණය සහ මහමැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් මතු වුණේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ඉකුත් 21වනදා ගෙන ආ යෝජනාවක් හේතුවෙන්. 

එහිදී ඔහු පැවසුවේ ජනාධිපතිවරණය සහ මහමැතිවරණය වසර දෙකකින් කල් දැමීමට යෝජනා කරන බවයි.

ඔහුගේ මෙම යොජනාව ඉදිරිපත් වීමත් සමගපාර්ශව රැසකින් ඊට විරෝධය පළ කෙරුණා.

ජනාධිපතිවරයාද ඊයේ පැවසුවේ ඉදිරියේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කන බවයි. මේ අතරතුර මෙරට අමෙරිකානු තානාපතිවරිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද මුණගැසී තිබුණා.