Wednesday, April 24, 2024

General line - 0115112241

ශී‍්‍රලනිප සම්මේලනයට පෙර මහින්දගෙන් අනාවැකියක්




ඒකාබද්ධ විපක්ෂයේ සිටිමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධුර දරන සියලු දෙනා පක්ෂ සම්මේලනයට පෙර එම ධුරවලින් ඉවත්කරනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශ්වාසය පළ කරනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ එය සිදුවනු ඇති බවයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයට සහභාගි වන්නේද, නැද්ද යන්න තීරණය කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්, ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ රැස්වීමක් ඊයේ (22) රාති‍්‍රයේ පැවැත්වුණා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

බෙලිඅත්ත ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරයා ලෙස එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු පත් කිරීම සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස අදහස් දැක්වුවා.

“මම දැන් බෙලිඅත්තේ නෙමෙයිනේ කුරුණෑගලනේ. මෙතෙක් කල් හිටියේ අපි තමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරපු දවසේ ඉඳලම අපේ කෙනෙක් තමයි හිටියේ සංවිධායකවරයා ලෙස. ඒක දැන් එරාජ්ට දීලා තියෙනවා. ඒ කාලේ එරාජ්ට පත්තරවලින් , වේදිකාවල පහරගැහුවා. ඕන කෙනෙකුට පුළුවන් සංවිධායක වෙන්න”.