ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු සංගම් කිහිපයක් අද දිවයින පුරා වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ගුරු වැඩවර්ජනය පැවතියද දඹුල්ල, ගලේවෙල, සීගිරිය, නාවුල යන අධ්‍යාපන බල ප්‍රදේශවල පාසල් කටයුතු මෙන්ම ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය පරිදි සිදුවන බවටයි වාර්තා වන්නේ.
එහෙත් පාසල් බස් රථ රියදුරන් සඳහන් කළේ සියයට විස්සක පමණ පාසල් ළමුන්ගේ පැමිණීමේ අඩුවක් පවතින බවයි.
දරුවන්ගේ පැමිණීම අඩුවී ඇත්තේ දරුවන් මේ දිනවල අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් බවද ඇතැම් පාසල් බස් රථ රියදුරන් පැවසුවා.
ගුරුවරුන්ගේ වැඩවර්ජනයක් පවතින බව දරුවන් මෙන්ම ඇතැම් පාසල් බස් රථ රියදුරන් නොදන්නා බවද ඔවුන් පවසා තිබෙනවා.
මෙම වැඩවර්ජනය වතුකරයේ ක්‍රියාත්මක නොවන බවයි ශ්‍රී ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනය පවසන්නේ.