Friday, March 28, 2025

General line - 0115112241

පිරවුම්හල් 150ක් - ෂෙල් සමාගමත් තෙල් බෙදන්න එයි



තවත් විදේශිය ඉන්ධන සැපයුම් සමාගමක් වන ෂෙල් සමාගම ළඟදීම ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදා හැරීම ආරම්භ කිරීමට සූදානම් බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක පවසනවා.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ෂෙල් සමාගමටද ඉන්ධන පිරවුම්හල් 150ක් ලබා දී ඇති බවයි.

ඔවුන් මේ වන විටත් පෙට්‍රල් සහ ඩීසල් මෙටි්‍රක් ටොන් 20,000ක නැවක් මෙරටට රැගෙන විත් ඇති බවද ඔහු පැවසුවා.

ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.  

බොරතෙල් මිලදී ගැනීමේ ක්‍රමවේදයද දැන් වෙනස් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

පාර්ල්මේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන්ද  රාජ්‍ය අමාත්‍ය ඩී වී චානකගෙන් මෙහිදී ප්‍රශ්න කළා.

රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක සහභාගී වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.