Monday, February 24, 2025

General line - 0115112241

මධ්‍යම කඳුකරයටත් තද වැසි - ජලාශත් පිරෙයි



මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට මේ වන විට ධාරානිපාත වැසි ඇදහැළෙමින් පවතිනවා.

අධික වර්ෂාව හේතුවෙන් කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද අලුයම සිට විවෘත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

නෝටන්බ්‍රිඩ්ජ් විමලසුරේන්ද්‍ර ජලාශයද මේ වන විට වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ද පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවයි එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසන්නේ.

පවතින අධික වර්ෂාවත් සමග උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියන් මදක් ප්‍රමාද වි ධාවනය කරවන බව ද දුම්රිය බලධාරීන් පැවසුවා. 

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරුමැද, බස්නාහිර, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වලටත් ත්‍රිකුණාමලය සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලටත් හෙට පෙරවරු 10යි 30 තෙක් තද සුළං අපේක්ෂා කරන බවයි.