Monday, February 24, 2025

General line - 0115112241

ලයිසන් ලක්ෂ 4ක් ගොඩගැසෙයි - බෙදීමත් ප්‍රමාදයි



නිකුත් කර ගැනීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර ලක්ෂ 04ක් පමණ තවමත් ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ පැවසුවේ පසුගිය කාලසීමාව තුළ රියදුරු බලපත්‍ර ලක්ෂ අට හමාරක් පමණ නිකුත් කර ගැනීමට නොහැකිව තිබූ බවයි.

එය මේ වන විට ලක්ෂ 04ක් දක්වා අඩු කර ගැනීමට හැකි වී ඇති බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

දැනට සිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය දිවා සහ රාත්‍රී කාලයේ අඛණ්ඩව සේවයේ නිරත වෙමින් දෛනිකව රියදුරු බලපත්‍ර 10,000ක් පමණ නිකුත් කරන බවද ඔහු කියා සිටියා.

කෙසේවෙතත් එලෙස නිකුත් කෙරෙන රියදුරු බලපත්‍ර තැපැල් මගින් බෙදා හැරීමේදී යම් ප්‍රමාදයක් පවතින බවයි මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේ.

එහෙත් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය එළඹෙන ජූලි මාසය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වැඩිදුරටත් පැවසුවා.