බ්‍රිතාන්‍ය මහමැතිවරණය හේතුවෙන් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.
ඒ අනුව මන්ත්‍රී ආසන 650ක් පුරප්පාඩු වනු ඇති.
මැතිවරණයට පෙර සති පහක ප්‍රචාරක කාලයක්ද ලබා දී තිබෙනවා.
මේ අනුව මෙම වසරේ ජූලි 4 වන දින මැතිවරණය පැවැත්වෙනු ඇති.
2019 වසරේ දෙසැම්බර් මස අවසන් වරට පැවති බි්‍රතාන්‍ය මහ මැතිවරණයෙන් කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කළා.
ඒ අනුව නැවත මහ මැතිවරණයක් පැවැත්විය යුතුව තිබුනේ 2025 වසරේදීයි.
එබැවින් බොහෝ පිරිස් පැවසුවේ බි්‍රතාන්‍ය මහ මැතිවරණය ඔක්තෝබර් හෝ නොවැම්බර් යන මාසවල පවත්වනු ඇති බවටයි.
එබැවින් මෙම මහ මැතිවරණය හදිසි මහමැතිවරණයක් ලෙසටයි දේශපාලන විචාරකයින් හඳුන්වා දී ඇත්තේ.
කෙසේ වෙතත් ඇතැම් විචාරකයින් පවසන්නේ මෙම හදිසි මැතිවරණය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනක්ගේ බලය නැවත ලබා ගැනීමේ උපක්‍රමයක් බවයි.