මෙම වසරේ මැයි 28වනදා දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් බිලියන 581ක ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ පවසනවා.
ශ්‍රී ලංකා රේගුවේ වර්තමාන කාර්ය සාධනය සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙම වසරේදී ද ශ්‍රී ලංකා රේගුවට අපේක්ෂිත ආදායමට ලඟාවීමට හැකියාවක් ඇති බවයි.
ඉතිහාසයේ ඉහළම ආදායම වාර්තා කිරීමට පසුගිය 2023 වසරේදී රේගු දෙපාර්තමේන්තුවට හැකි වූ බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.