Monday, February 24, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ හකුලපු පක්ෂයක් නෙවෙයි මන්ත්‍රී රෝහිත කියයි.

සම්පත් කුලරත්න



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්වයෙන් යුතුව මේ රටේ කිසිදු මැතිවරණයක් කල් දමා නොමැති බව  පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ පානදුර පැවති මාධ්‍ය හමුවකදී.

 එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන පවසා සිටියේ මෙවැන්නක් 

" ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්වයෙන් යුතුව මේ රටේ කිසිදු මැතිවරණයක් කල් දාල නෑ 

හැම මැතිවරණයක්ම වෙලාවට අපි තියලා තියෙනවා..

අපි මැතිවරණ පරදින කාලෙත් මැතිවරණ වෙලාවට තිබ්බා.

විපක්ෂයේ මන්ත්‍රීවරු ඇතැම් අය අද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් රංග  බණ්ඩාර මහතා සිදුකළ ප්‍රකාශය ශ්‍රී ලංකා   පොදුජන පෙරමුණ  පැත්තට යොමු කරන්න හදනවා. 

ඒක ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණේ මතය නෙවෙයි අපි පක්ෂයක් විදියට මැතිවරණ කල් දානවට කැමති නැහැ 

අපි මැතිවරණ කල් දාන්න තියන්න දෙන්නෙත් නෑ .

අපි කියන්නේ වෙලාවට ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය හෝ කියන්න කියලා.සමගි ජන බලවේගය මන්ත්‍රීවරු අද මාධ්‍ය හමු කියල කියන්නේ මේ රංග   බණ්ඩාරගේ ප්‍රකාශය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හරහා සිදුකළ ප්‍රකාශයක් කියලා අපි ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.

ඔය සන්ධාන හදාගත්තට ඔය සන්ධාන කොළඹ හදල වැඩක් නෑ. 

සැබෑ ජන මතය තියෙන්නේ ගම් වල ඒ ගම්වල මතය නැතුව කොළඹ ඉඳලා සන්ධාන හැදුවා කියලා ඒක  වැඩක් වෙන වැඩක් නෙවෙයි.අපිත් එක්ක වෙන් වෙලා ගිය අයට අපි සුහදව ආරාධනා කරලා තියෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක නැවතත් එකතු වෙන්න කියලා."