දිවයිනේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ.
ධීවර හා නාවික ප්‍රජාවද තවදුරටත් දිවයින වටා වන කාලගුණ තත්ත්වය පිළිබඳ අවදානයෙන් පසුවිය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
මේ අතර කළු, ගිං සහ නිල්වලා යන ගංඟාවල ජල මට්ටම තවදුරටත් ඉහළ අගයක පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමණාකරන අංශයේ ඉංජිනේරු සකුරා දෙව්ධාරා පැවසුවේ.
දිවයිනේ බොහෝ ජලාශවල සමස්ත ජල ධාරිතාව සියයට 80ක ආසන්න මට්ටමේ පවතින බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.