Monday, February 24, 2025

General line - 0115112241

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් කිහිපයක් වසර 03කට පසු යළි ගොඩගසයි



මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් කිහිපයක් වසර 03කට පසු යළි ගොඩගසා තිබෙනවා.

ඒ, පානදුර මුහුදු තීරය වෙතයි. 2021 වසරේ මැයි මස එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ වීමෙන් එහි තිබූ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට මුසුවුණා.

ඒ අනුව මුහුදු ජලයට සහ පරිසරයට දැඩි හානි සිදුවූ අතර කැස්බෑවන් ඇතුළු මුහුදු ජීවින් රැසක් මියගොස් දිවයිනේ විවිධ ප්‍රදේශවල මුහුදු තීරයන් වෙත පසුගිය කාලයේ ගොඩ ගසා තිබුණා.

එමෙන්ම එම නෞකාවේ බහාලුම්වල තිබූ ද්‍රව්‍ය ද කොළඹ ඇතුළු මුහුදු තීර රැසකටම ගොඩ ගසා තිබූ අතර ඉන් ධීවරයන්ට මෙන්ම එම ප්‍රදේශවල ජනතාවට ද දැඩි බලපෑම් එල්ලවී තිබූ ආකාරයක් ද පසුගිය කාලය පුරා දැකගත හැකි වුණා.