Monday, February 24, 2025

General line - 0115112241

දුම්වැටි නිසා දෛනිකව මෙරට පුද්ගලයින් මියයන ප්‍රමාණය ගැන අනාවරණයක්



දුම්වැටි භාවිතය හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් පැවසුවේ මෙරට පුද්ගලයන් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් දුම්වැටි භාවිතා කරන බවයි. 


ලෝක දුම්වැටි නිවාරණ දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ “දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම්වලින් අපේ දරුවන් ආරක්ෂා කරගනිමු” යන්නයි.