Monday, February 24, 2025

General line - 0115112241

බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට.



නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කල්පිටිය, උච්චමුනෙයි මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ, ඩිංගි යාත්‍රාවක් සමඟින්. එහි තිබී බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය දහ හතකට අධික තොගයක් සොයාගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා වයඹ පළාත් සුරාබදු විශේෂ ඒකකය වෙත භාරදුන් බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.