Monday, February 24, 2025

General line - 0115112241

මැතිවරණ කල් දමන්න රංගේ ප්‍රකාශ කළේ කාගේ වුවමනාවකට ද? - සුජීව හෙළි කරයි

එන් ඒ ඩබ් නිරෝෂන්



ජනාධිපතිවරණය සහ මහමැතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතු බවට පසුගියදා කළ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ ප්‍රකාශයක් නොවන බව සමගි ජන බලවේගයේ  මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසනවා.

මැතිවරණ කල් දැමීම සඳහා අවශ්‍ය නම් ඊට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනමත විචාරණයකින් තහවුරු කරගත හැකි බවද පසුගියදා මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා පැවසූවා.

මේ අද පැවැති මාධ්‍ය හමුවකදී ඊට ප්‍රතිචාර දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ.


එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද දිනයේදී ද අදහස් පළකළා.

මේ, ඒ සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්.



මහ මැතිවරණ කල් දැමිය යුතු බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කිසිදු අවස්ථාක ප්‍රකාශ කර නොමැති බවද  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.