දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තාගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළ බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ ත්‍රස්ත මර්ධන කොට්ඨාසය මඟින් ත්‍රස්තවාදී පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.
ඒ අනුව මිදිගම රුවන් මෙහෙයවූ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් මේවන විටත් තොරතුරු රැසක් අනාවරණ කරගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඩුබාය වෙත ගොස් එරට අත්අඩංගුවේ පසුවූ මිදිගම රුවන් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.