Tuesday, February 25, 2025

General line - 0115112241

බ්‍රිතාන්‍ය  තරුණියකගේ ගමන් මල්ලක් සොරකම් කළ සැකකරු රිමාන්ඩ්

උදය කුමාර



බ්‍රිතාන්‍ය  ජාතික තරුණියකගේ ගමන් මල්ලක් හා මුදල් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 07 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පිටකොටුව පොලිසිය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයකට අනුවයි.

පස්සර බස් රථයකදී සැකකරු විසින් සොරා ගත් බව කියන පැමිණිකාරයට අයත් ලැප්ටොප් පරිගණකය, කැමරාව, බැංකු කාඩ්පත් සහ ඇයගේ විදේශ ගමන් බලපත්‍රය ඇතුළු භාණ්ඩ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුකරන බවට පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ සැකකරු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බස් රථයේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා ඔස්සේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.