බුත්තල ප්‍රදේශයට ඊයේ පස්වරුවේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය නිසා බුත්තල නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.
වැල්ලවාය මොණරාගල මාර්ගය සහ බඩල්කුඹුර බුත්තල මාර්ගය බුත්තල නගරයෙන් මෙලෙස ජලයෙන් යට වූ අතර එම නිසා මාර්ගයේ ගමනාගමනයටත් බධා එල්ල වුනා.
පැය දෙකකට ආසන්න කාලයක් නගරයේ ස්ථාන කිහිපයක් මෙලෙස ජලයෙන් යටවීම නිසා නගරයේ ජනතාව ද පීඩාවට පත් වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.