Tuesday, February 25, 2025

General line - 0115112241

උසස් පෙළ ලියූ සියයට 10යි දශම 0යි 4ක් සියලු විෂයන් අසමත්



2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 27,970 දෙනෙකු සියලු විෂයන් අසමත් බව විභාග දෙපාරඒතමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ එය ප්‍රතිශතයක් ලෙස සියයට 10යි දශම 0යි හතරක් වන බවයි.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් දෙලක්ෂ 69,613 දෙනෙකු පෙනී සිටි අතර ඉන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබූ සංඛ්‍යාව එක් ලක්ෂ 73,444ක් වන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා. 

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ජූනි 05 වනදා සිට ජූනි 19 වනදා දක්වා කාලය තුළ අයදුම්පත් ඉදිරිපත් කළයුතු බවද විභාග දෙපාර්තමේන්තුව පැවසුවා. 

මේ අතර 2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස ජයගත් සිසුන් පිළිබඳ තොරතුරු නෙත් නිවුස් ඩොට් එල් කේ අබගේ වෙබ් අඩවියේ ඇතුළත්.