Tuesday, February 25, 2025

General line - 0115112241

ඉන්දියානු අඹ උත්සවය ඇරඹේ



ඉන්දියානු හම්බා ලෙස හැඳින්වෙන වාර්ෂික ඉන්දීය අඹ උත්සවය උත්කර්ශවත් ලෙස ආරම්භ වුණා.

ඒ කටාරයේ Souq Waqif හිදීයි.

අඹ සඳහා ප්‍රියතාවයක් දක්වන බොහෝ පිරිසක් ඊට සහභාගි වී සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉකුත් 30 වනදා ආරම්භ වූ එම උත්සවය ලබන 08 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කටාරයේ ඉන්දීය තානාපති විපුල් සහ කටාරයේ තවත් නියෝජිතයින් පිරිසකගේ ප්‍රධානත්වයෙන් උත්සවය ආරම්භ වූ බවයි වාර්තා වන්නේ.

ප්‍රදර්ශනයට සහභාගි වන්නන්ට විවිධ රසයෙන් යුත් අඹ වර්ග රස බැලීමේ අවස්ථාව පවතී.

ඒ සඳහා උනන්දුවක් දක්වන පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ඉන්දීය තානාපති කාර්යාලය මගින් මෙහෙයවනු ලබන බවයි වාර්තා වන්නේ.