බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් පැවසුවේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණ තත්ත්වය පිළිබඳව ද ඔහු මෙලෙස අදහස් පළකළා.
මේ අතර දිස්ත්‍රික්ක කිහිපයකට පනවා තිබූ නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනය යළි දීර්ඝ කළ බව ජාතික ගොඩනැගි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධිර පැවසුවා.
නායයෑම් පූර්ව ලක්ෂණ පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන ලෙසද ජනතාවගෙන් ඔහු ඉල්ලීමක් ද කළා.
මේ අතර කළු, ගිං, නිල්වලා ඇතුළු ප්‍රධාන ගංඟා කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ යාමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ වාරිමාර්ග ඉංජිනේරු ජී ඩබ්ලිව් ඒ සකුරා දිල්තාරා පැවසුවේ එම ගංඟාවන්හි පහත් බිම්වල ජීවත් වන ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.
දිවයිනේ ප්‍රධාන ජලාශවල ද සියයට 80ක පමණ ජල ධාරිතාවක් පවතින බවයි ඇය කියා සිටියේ.