Tuesday, February 25, 2025

General line - 0115112241

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල ඝන මිදුම් තත්ත්වයක්, රථ වාහන ගමනා ගමනයට බාධා.

හැටන් රංජිත් රාජපක්ෂ



මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල අද දින රාත්‍රියේ සිට ඝන මිදුම් තත්ත්වයක් මතුවිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබෙනවා.

මෙම මිදුම් තත්ත්වය හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් සිට කිතුල්ගල දක්වාත් , හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ සහ අතුරු මාර්ග කිහිපයක මෙම ඝන මිදුම් තත්ත්වය පවතින බවයි හැටන් පොලිසියේ නිලධාරියෙකු පවසා සිටියේ.

ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වන වාහන නොපෙනෙන තත්ත්වයට ඝන මිදුම් තත්ත්වය පැවතිම නිසා එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා .