ඊයේ රාත්‍රියේ ඇදහැලුනු අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් අවිස්සාවේල්ල, පුවක්පිටිය, එළස්ටන් වත්ත නිවසක සිටි එකම පවුලේ තිදෙනෙකු ගංවතුරට හසුවීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව අප නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
පොලිසිය සඳහන් කළේ එහිදී එම නිවස තුළ සිටි 78 හැවිරිදි පියා සහ 36 හැවිරිදි දියණිය සහ 07 හැවිරිදි මිණිබිරිය එලෙස මියගොස් ඇති බවයි.
එමෙන්ම අවිස්සාවේල්ල, හේවාහින්න ප්‍රදේශයේ පස් කන්දකට යටවී 11 හැවිරිදි දැරියක් ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පල්ලෙවෙල, දෙයියන්දර ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම නිවස තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙකු පස් කන්දට යටවී මියගොස් තිබෙනවා.
පොලිසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ක සහ 27ක පිරිමි පුද්ගලයින් බවයි.
දිවයිනට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් මේවන විට පුද්ගල මරණ 07ක් වාර්තා වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ.