දිවයිනේ නිරිත දිග කොටසෙහි පවතින වැසි තත්වය අද දිනයේත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් වයඹ පළාතේ වැසි වාර කිසිපයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලමීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
දිවයිනට බලපා ඇති වැසි තත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මෙලෙස අදහස් පළකළා.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නොයන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.
එමෙන්ම පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ද දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.
කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, නුවර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාව දැඩි අවදානයෙන් පසුවන ලෙසයි ගොඩනැගි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධිර.