දේශපාලන සහ ආර්ථික තත්ත්වයන් සම්බන්ධයෙන් විවිධ අදහස් දේශපාලන වේදිකාවල මේ දිනවල වැඩි කතාබහකට ලක්ව තිබෙනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පවසන්නේ ඉදිරි මැතිවරණවලදී තම පක්ෂයට යම් හෝ අභියෝගයක් ඇත්තේ ජාතික ජන බලවේගයෙන් බවයි.
සමගි ජන බලවේගයේ යම් කණ්ඩායමක් ඉදිරියේදී වෙනත් දේශපාලනස පක්ෂ සමඟ එක්වීමේ වැඩි ඉඩකඩක් පවතින බව කළුතර ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවා.
සමගි ජන බලවේගය හෝ ජාතික ජන බලවේගය කිසිසේත්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඉදිරි මැතිවරණවලදී අභියෝගයක් නොවන බවයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පැවසුවේ.