Tuesday, February 25, 2025

General line - 0115112241

කැලණි ගඟ තවත් උස් වෙයි



නාගලගම් වීදිය මාපකය තවත් ඉහළ ගොස් තිබෙනවා 

මේ හේතුවෙන් අඹතලේ සිට තොටළඟ දක්වා පහත් බිම් වල අවදානම් තත්ත්වයක් ඇතිවී තිබෙන අතර කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  පහත් බිම් ස්ථාන කිහිපයක් ජල ගැලීම් වලට ලක් වෙමින් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

අඹතලේ ප්‍රදේශයේ නිවාස අසූ පහක් පමණ ජල ගැලීම් වලින් ජනතාව පීඩාවට පත්ව සිටිනවා..

කැලණි ගඟේ ජල මට්ටම බොහෝ ස්ථානවල පිටාර මට්ටමට පැමිණ තිබෙනවා..

අද පෙරවරුවේ නාගල ගම්වීදියේ ජල මාපකය පහයි දශම එකක් ලෙස ගංවතුර තත්ත්වයක් පෙන්නුම් කළ අතර අද පස්වරු  එහි පහයි දශම හතරක අගයක් දක්වා ඉහළ ගොස් තිබුන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.