ඉදිරි කාල සීමාව තුළ අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින අතර කොළඹ කළුතර දිස්ත්‍රික් වලට දැඩි බලපෑමක් ඇති විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා..
ප්‍රධාන ගංගා ආශ්‍රිත පහත් බිම්වල ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බවත් ගංවතුර තත්ත්වයන් නැරඹීමට යමින් වළකින ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා..
සහන කණ්ඩායම් රැසක්..අවතැන් වූ පුද්ගලයන්ට විශේෂ සහන සැලසීමේ කඩිනම් වැඩපිළිවෙලක්..ත්‍රිවිධ හමුදාව පොලිසිය මැදිහත්වීමෙන්..සහන කණ්ඩායම්..යොදවා ඇති බවද අද පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියා.
ඊයේ රාත්‍රියේ සිට අනපේක්ෂිතව ඇදහැලුණු වර්ෂාපතනයෙන් මිලිමීටර් හාරසියය ඉක්මවූ අධික වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ සහ කළුගං ආශ්‍රිතව ගංවතුර තත්වයක් ඇති විය හැකි බවටද ආපදා කල්පනා කරන මධ්‍යස්ථානය අනතුරු ඇඟවීමක් ද සිදුකනු ලැබුවා .