පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දුම්රිය මාර්ග ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම නිසා දුම්රිය ප්‍රමාදවීම සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය සහ පුත්තලම මාර්ගය ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම නිසා සංඥා පද්ධතියේ දෝෂ ඇතිවීම හේතුවෙන්
දුම්රිය සාමාන්‍යාධිකාරී ඉඳිපොලගේ පැවසුවේ බොහෝ දුම්රිය ස්ථානවල දුම්රිය මාර්ගයට ගස් කඩාවැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවය.
කැලණි වැලි මාර්ගයේ වග සහ කොස්ගම දුම්රිය ස්ථාන අතර පාලමක බැම්මක් කැඩීම නිසා එම මාර්ගයේ දුම්රිය ධාවනය වග දුම්රිය ස්ථානයට පමණක් සිදු කරනු ලබනවා.
තවද උඩරට දුම්රිය මාර්ගයේ බොහෝ ස්ථානවලට පස් සහ ගස් කඩා කඩා වැටීම නිසා දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඉඳිපොලගේ පවසන්නේ.