Friday, March 28, 2025

General line - 0115112241

ඉදිරි පැය කිහිපය තුළත් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි



දිවයිනේ නිරිත දිග කොටසට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත්, වයඹ පළාතෙත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අජිත් විජේමාන්න පැවසුවේ.


මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නොයන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.