Tuesday, February 25, 2025

General line - 0115112241

සජබ මන්ත්‍රීවරු 20ක් ආණ්ඩුවට යනවාද? - තිස්සගෙන් උත්තර



සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 20ක් ආණ්ඩුව සමඟ එක්වනවා යැයි පලවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

ඇතැම් දේශපාලන පක්ෂ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් මෙවැනි කටකතා පතුරවමින් සිටින බවයි ඔහු පැවසුවේ.


සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් 20ක් ආණ්ඩුවට සම්බන්ධ කර ගතහොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහය ජනාධිපතිවරයාට ලබාදෙනවාදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.


සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස ද අදහස් පළකළා.