වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමගම පැලවත්ත නෙළුව මාර්ගය දෙකේ කණුව ප්‍රදේශයෙන් නාය යෑමේ අවධානමකට ලකව තිබෙනවා.
පැලවත්ත නෙළුව මාර්ගයේ ස්ථාන කිහිපයකින්ම ඉරිතලා ගොස් ඇති අතර මේ නිසා ධාවන කටයුතු එක් මං තීරුවකට සීමා කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ
මීගහතැන්න පොලිසිය රථවාහන රියදුරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ස්ථානය මගහැර විකල්ප මාර්ග භාවිතා කරන්නේ නම් එය අගය කොට සලකන බවයි.
ඊයේ රාත්‍රී මෙම මාර්ගයේ රථවාහන කටයුතු මුළුමනින්ම නවතා දමා තිබුනා.
අද එම ස්ථාන නිරීක්ෂණයෙන් අනතුරුව එක් මන් තීරුවක් විවෘත කිරීමට නියමිත බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ