සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ගමන් ගත් මෝටර් රථය අනතුරට ලක්ව තිබෙනවා.
ඒ, කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව පොලිස් ස්ථානය ආසන්නයේදීයි.
කන්තලේ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගී වී යළි නිවස බලා එමින් සිටියදී මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථයේ යතුරු පැදියක් ගැටී තිබෙනවා.
එම අනතුරෙන් තුවාල ලැබූ යතුරු පැදිකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ මන්ත්‍රීවරයා ඇතුළු තවත් කිහිප දෙනෙකු සිට ඇති අතර ඔවුන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.
මේ අතර කැකිරාව - ගලෙන්බිදුනුවැව ප්‍රධාන මාර්ගයේ අමුණකොලේ ප්‍රදේශයේ සිදු වු කැබ් රථ අනතුරකින් පුද්ගලයන් හයක දෙනෙකු තුවාල ලබා යකල්ල, හුරැළුවැව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇතුළත් කර තිබෙනවා.
දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේ සිට වැව්වල නෙළුම් අල ගැලවිම සදහා රැගෙන යමින් සිටි පිරිසක් එලෙස තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.