පැවති අයහපත් කාලගුණයත් සමග විපතට පත් ජනතාවට සහන සැලසීමට මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.
මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට හා දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට පැවති අයහපත් කාලගුණයත් සමඟම පවුල් විශාල සංඛ්‍යාවක් ආපදාවට ලක් විය
ඒ අනුව මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමසේවා වසම් විසි එකක ජනතාව පීඩාවට පත්ව තිබෙන අතර ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි වැඩසටහන් ක්‍රියාත්මක වන ආකාරය දැක ගන්නට ලැබුණා.
එහිදී ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත දොඩංගොඩ තෙබුවන ප්‍රදේශවල විපතට පත් ජනතාවගේ අඩුපාඩු සොයා බැලීමට එම ප්‍රදේශවලට ගොස් අවශ්‍ය කටයුතු සූදානම් කර දී තිබුනා