Tuesday, February 25, 2025

General line - 0115112241

වැවිලි සමාගම්වල පෙත්සමක් ගැන අධිකරණයෙන් තීරණයක්

උදය කුමාර



වතු කම්කරුවන් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වමින් මෙම අවස්ථාවේදී අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකරන බව අභියාචනාධිකරණය තීන්දු කළා.

අදාළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ රිට් ආඥාවක්  නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් ගොනුකර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට තින්දු කරමින් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටි කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර ඇතුළු පිරිසක් වෙත මෙම මස 26 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළා.