රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආර්ථික කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සහ සමාගම් පරිපාලන මෙහෙයුම් නිලධාරියකු වන ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම විසින් පෙත්සම ඉදිරිපත් කළා.
එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.
අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.