Tuesday, February 25, 2025

General line - 0115112241

පුත්තලම විශේෂ ඒකකයක පොලිස් කණ්ඩායමක් සම්බන්ධයෙන්  විශේෂ විමර්ශනයක්

ජේ ජේයකුමාර්



තහනම් භාණ්ඩ සඟවා ඇතැයි පවසමින් ආණමඩුව පෙරමාකුත්තුව බෝගස්යාය පාරේ පිහිටි නිවසකට ඊයේ ,02 ගොස්. ස්කෑනර් යන්ත්‍රයකින් එහි කාමරයක බිම හරා. කිසිවක් සෙවූ බව කියන සිද්ධියක් සම්බන්ධය පුත්තලම විශේෂ ඒකකයක පොලිස් කණ්ඩායමක් සම්බන්ධයෙන්  පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

හය දෙනකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් ස්කැනර් යන්ත්‍රයක්ද රැගෙන විත් තමන් පුත්තලම විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් යැයි සඳහන්කරමින් එම නිවස ස්කෑන් යන්ත්‍රයෙන් නිවසේ බිම පරීක්ෂාකර බැලීමෙන් අනතුරුව කාමරයේ යම් ස්ථානයක් සලකුණුකර බිම හාරා ඇති බව ආණමඩුව පොලිසිය තොරතුරු හෙළිකරගෙන තිබෙනවා.

පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉහත  නිවස තුළ කැනීමක් සිදුකරන  බවට ලද තොරතුරකට අනුව  ඊයේ දහවල් ආනමඩුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ නිවසට ගොස් පරීක්ෂාවට ලක්විය 

මෙම පිරිස මෙසේ නිවසේ කාමරයේ අඩි දෙකක් ගැඹුරට වලක් හාරා සෙව්වේ කුමක්දැයි යන්න මෙතෙක් පැහැදිලි වී නොමැති බවත් මොවුන් නිවෙස්හිමි කාන්තාවට පවසා ඇත්තේ නිවසේ බිම බඩු වගයක් සඟවා ඇති බවට ලද පෙත්සමකට අනුව බිම හාරන බවයි 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ පෙළේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි  උසස් පොලිස් නිලධාරියා පවසා සිටියේ