Tuesday, February 25, 2025

General line - 0115112241

මතුගම කළුතර, අඟුරුවාතොට යාල මංසන්ධිය ජලයෙන් යටවෙයි 

ගල්පාත චන්දන පෙරේරා



මතුගම මාර්ගයේ නාර්තුපාන පාලම දෙස සිට යාල මංසන්ධිය දක්වා ස්ථාන හතරකින්  මාර්ගය යටවී තිබෙනවා.

කළුතර මාර්ගයේ මේ වන විට ස්ථාන  4කින් ජලයෙන් යට වී ඇති අතර  යාල, කෙසල්හේනාව, දොඹගොඩ, ගල්පාත යන ස්ථාන වලින් මාර්ගයේ යට වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ 

තවද මිල්ලනිය බටගොඩ ප්‍රධාන මාර්ගයේ  පිංවේල්ල ප්‍රදේශයෙන් අඩි 4ක්ද  යට වී තිබෙනවා.

මේ වන විට යාල, මදුරාවල, අඟුරුවාතොට, උඩුවර,  දෙල්ගොඩ, යටවර, තලහිටිය,  බේගමුව, පනාගොඩ, පාතකඩ , ඇලමෝදර, කූරගොඩ යන ප්‍රදේශ  ජලයෙන් යටවී ඇති අතර මෙම ප්‍රදේශයට ේ වනතුරු සහන සේවා පැමිණ නැති බව ප්‍රදේශවාසීන් පවසන්නේ .