අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 16 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විපතට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාවද 87,379ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසුවේ.
පුද්ගලයන් 23,706 දෙනෙකු සහන මධ්‍යස්ථානවල රඳවා සිටින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
සහන මධ්‍යස්ථානවල සහ ගංවතුරට ලක්ව නිවෙස් තුළ රැඳී සිටින පුද්ගලයින්ට තවදුරටත් පිසූ ආහාර ලබාදෙන බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්.
මේ අතර ඉදිරි දින කිහිපය තුළ මහවැසි අපේක්ෂා නොකරන බවයි මෙම මාධ්‍ය හමුවට එක්වූ කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ.
අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළොන්නාව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙසයි ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.
අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ පූර්ණ වශයෙන් හානි වූ නිවාස රජයේ වියදමින් සහ ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව යළි ඉදිකර දීම වෙනුවෙන් අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා හදිසි සංදේශයක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ගත් තීරණයකට අනුව බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.