Tuesday, February 25, 2025

General line - 0115112241

මැතිවරණ ගැන රංගේ යළි කට අරී 



ජනාධිපතිවරණය සහ මහමැතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතු බවට තමන් පසුගියදා සිදු කළ යෝජනාව ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශයක් නොවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

පසුගියදා සිදු කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු දීම සඳහා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මෙම අවස්ථාවේ රටේ ජනතාව මැතිවරණයක් ඉල්ලා නොසිටින බවයි එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා කියා සිටියේ. 


තමන් එදින කිසිදු ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක් සිදු නොකළ බවද එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර වැඩිදුරටත් පැවසුවා.