Tuesday, February 25, 2025

General line - 0115112241

පුංචි ඡන්දයට එරෙහි පෙත්සම් විභාගය මෙම මස පස්වෙනිදා දක්වා කල් යයි

උදය කුමාර



ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය මේ මස 05 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

මෙම නඩුව විභාගය සඳහා කැඳවනු ලැබූවද පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරියක් අද දින නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම පෙත්සමේ විභාගය මේ මස 05 වන දා දක්වා කල් තබන බව විනිසුරු මඩුල්ල නියෝග කළා.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ඉකුත් වසරේ මාර්තු මස 9 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි එදින නොපැවැත්වීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනුකර තිබෙනවා.