Tuesday, February 25, 2025

General line - 0115112241

අද සිට වැසි අඩුවෙයි - කළු, ගිං, නිල්වලා, කැලණි සහ අත්තනගලු ඔය පහත් බිම්වල ගංවතුර තත්ත්වය තවදුරටත්



දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි තත්ත්වයේ තාවකාලික අඩු වීමක් අද දිනයේ සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.  

පැවති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග නිල්වලා ගඟ ද්‍රෝණියේ පහල ප්‍රදේශවල ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය තවදුරටත් සුළු වශයෙන් වර්ධනය විය හැකි බවයි  වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර.


ගිං ගඟ සහ කළු ගඟ ආශ්‍රිත ප්‍රදේශයන්හි මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන්ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂවරයා කරුණු දැක්වූවා.


කැලණි ගඟ සහ අත්තනගලු ඔය ද්‍රෝණියේ පහත් බ්ම් ප්‍රදේශවල අද දිනයේද  ගංවතුර තත්ත්වය පැවතිය හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.


මේ අතර පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 17ක් වාර්තා වී ඇති බවයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ.