Tuesday, February 25, 2025

General line - 0115112241

කිරිඳිඔයේ දැවැන්ත දැව ජාවාරමක්

ජයන්ත වීරසේකර



කිරිදි ඔයේ රණ්දෙණිගොඩයාය ප්‍රදේශයේ පරිසරය විනාශ කරමින් සිදු කළ මහා පරිමාණයේ කුඹුක් දැව ජාවාරමක් පවත්වාගෙන ගිය ස්ථානයක් පොලීසිය මගින් වටලා තිබෙනවා.

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් එම වැටලීම සිදු කර ඇත්තේ ලද තොරතුරකට අනුවයි.

දැව ජාවාරම්කරුවන් විශාල ප්‍රමාණයේ කුඹුක් ගස් ගිනි තබා බිම හෙලා එම කුඹුක් දැව කුට්ටි කපා රැගෙන යාමට සුදානම් කර තිබීයදී මෙම වැටලීම සිදු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අදාළ සැකකරුවන් එම අවස්ථාවේදී පලාගොස් තිබෙනවා.

අදාළ ස්ථානයේ කපා දමා තිබූ විශාල ප්‍රමාණයේ කුඹුක් දැව කඳන් විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති අතර එම දැව වල වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.

පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පැවසුවා.