Tuesday, February 25, 2025

General line - 0115112241

ගෑස් මිල 150කින් පහලට



අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12යි දශම 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයන මිල රුපියල් 3,940 සිට 3,790ක් දක්වා අඩු වන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.

කිලෝග්‍රෑම් 05 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කෙරෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 05 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,522ක්.

කිලෝග්‍රෑම් 02යි දශම තුන ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 28කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 712ක් වන බවයි ලිට්‍රෝ සමාගම නිවේදනය කළේ.

වෙළඳපොළ කළමනාකරණය සහ ජාත්‍යන්තර වෙළඳපොළ අධ්‍යයන කටයුතු කාර්යක්ෂමව සිදු කළ බැවින් පාරිභෝගික ජනතාවට සහන සැලසීමට හැකි වූ බවයි ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ.