ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත සංශෝධන නොමැතිව සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය බව ශ්‍රේෂඨාධිකරණය කතානායකවරයා වෙත දැනුම් දී තිබෙනවා.
ඒ, අදාළ පනත් කෙටුම්පත්වලට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් සළකා බැලීමෙන් අනතුරුවයි.
අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අවස්ථාවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට මේ බව දැනුම් දුන්නා.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කර ගැනීම කල් දමන ලෙසයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් එහිදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ.
එහිදී කතානායකවරයා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අතර මෙවන් සංවාදයක් ඇති වුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එහිදී අදහස් පළ කළා.
කෙසේවෙතත් යොදාගෙන ඇති පරිදි ලබන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත විවාදයට ගෙන සම්මත කර ගැනීමට සූදානම් බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එහිදී කියා සිටියේ.
විදුලිබල අමාත්‍යවරයා මතුකළ කරුණකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී නැවතත් ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.
පාර්ලිමේන්තුවේ තවත් තොරතුරු නෙත් නිවුස් සවස 06යි 45 සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.