Tuesday, February 25, 2025

General line - 0115112241

අපදා නිසා පුවක්පිටියේ ළමා නිවාසයක ළමුන් දැඩි දුෂ්කරතාවකට



පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ ළමා නිවාසයකට ගමන් ගන්නා මාර්ගය අවහිර වී තිබෙනවා.

ගස් සහ පස් කන්දක් කඩා වැටීමෙන් එලෙස එම මාර්ගය අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.
 
විකල්ප මාර්ගයක් නොමැති වීම හේතුවෙන් අදාළ ළමා නිවාසය සහ එහි ජීවත්වන ළමුන් ඇතුළු වැඩිහිටියන්ගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කරන්නේ.

මීට පෙර අවස්ථා ගණනකදී මෙම මාර්ගය පිළිසකර කර දෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදු කළද එය මෙතෙක් ඉටු නොවූ බවයි ඔවුන් පවසන්නේ.