කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයින්ට කේරළ ගංජා අලෙවි කිරීමේ ජාවාරමේ නිරත වී සිටි පුද්ගලයෙකු සහ ඔහුට එම මත්ද්‍රව්‍ය සැපයූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කටුනායක පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් එම වෙළෙඳ කලාපයේ සිදු කළ වැටලීමකදීයි.
එම වැලීමේදී ඔවුන් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා කේරළ ගංජා ග්‍රෑම් 750ක ප්‍රමාණයක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙක් කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු පාපැදියක් භාවිතා කරමින් කටුනායක ඇවරිවත්ත නගරය පුරා රසකැවිලි අලෙවි කරන මුවාවෙන්, තම ජංගම දුරකථන වෙත ලැබෙන දුරකථන ඇමතුම් අනුව මෙම ජාවාරම සිදු කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් අනුව අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා මදුරන්කුළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.