ලබන මහ කන්නයේ දී රුපියල් ලක්ෂ 40ක පැරෂුට් තැටි සියයට 25 සහනාධාරය යටතේ ගොවි ජනතාවට ලබා දිමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාතක්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, මෙම වසරේ මහ කන්නයේ දී ගොවීන් 4,000කට සියයට 25ක සහනාධාර පදනම යටතේ පැරෂුට් තැටි ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත්තේ.
මේ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.
ගොවි ජනතාවට නව කෘෂි තාක්ෂණය හඳුන්වා දීමේ වැඩපිළිවෙළ යටතේ ගොයම් පැළ සිටුවීම සඳහා මෙම පැරෂුට් තැටි භාවිතා කිරීම හඳුන්වා දී තිබෙනවා.
වී වගාව සඳහා පැරෂුට් තැටි භාවිතය මගින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.
එමගින් වල්පැළ මර්දනය සඳහා මුදල් වැය කිරීමට සිදු නොවීම මෙන්ම අවම පොහොර ප්‍රමාණයක් භාවිතා කළ හැකි වීම නිසා අනිසි ලෙස වගාව සඳහා මුදල් වැයවීම අවම කර ගැනීමට ගොවි ජනතාවට හැකි වන බවද කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළා.