Tuesday, February 25, 2025

General line - 0115112241

අතුරුදහන් වූ මව සහ දියණිය සොයා ගැනීම සඳහා මහජන සහය ලබා ගැනීම



අතුරුදහන් වූ කාන්තාවක් සහ අගේ දියණිය සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා. 

2024 මැයි මස 29දින සිට කාන්තාවක් සහ ඇගේ දියණිය අතුරුදහන් වූ බවට ඇගේ ස්වාමි පුරුෂයා විසින් කටුනායක පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත අතුරුදහන් වූ අය සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ වයස අවුරුදු 26ක් වන යසෝධා හංසනී කහතුඩුව ආරච්චී නම් කාන්තාවක් සහ වන  චතුර්යා ටොෂිනි ලියනගේ ප්‍රනාන්දු නම් වයස අවුරුදු 04ක් පමණ වන අගේ දියණියයි.

මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ස්ථානාධිපති කටුනායක  071 - 8591639 සහ 
පොලීස් ස්ථානය කටුනායක  011-222252222 යන  දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.