Tuesday, February 25, 2025

General line - 0115112241

පකිස්තානයේ පෝලියෝ මර්ධන ව්‍යාපාරයකට ප්‍රහාරයක්.



පකිස්තානයේ බලුකිස්තානයේ චමන් ප්‍රදේශයේ ක්‍රියාත්මක පෝලියෝ මර්ධන වැඩසටහනක් ඉලක්ක කර පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ප්‍රහාරයකින් පෝලියෝ මර්දන ව්‍යාපාරයට සම්බන්ධ වී සිටි කාන්තා කම්කරු සේවිකාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව නිලධාරීන් උපුටා දක්වමින් පකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.

ඊයේ ආරම්භ කළ එම පෝලියෝ මර්ධන ව්‍යාපාරය දින 05 ක් පුරා එනම් සිකුරාදා දක්වා ක්‍රියාත්මකයි.

එම කාලය තුළ වයස අවුරුදු පහට අඩු ළමුන් මිලියන 16.5 කට වැඩි පිරිසකට එන්නත් ලබා දෙනු ඇති.

පහර දීමට පැමිණි පුද්ගලයින් ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ගෙන් ආයුධ සොරකම් කිරීමට උත්සාහ කළ බව ද වාර්තා වේ.

මීට අමතරව, ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු තවත් පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තා කම්කරුවන් දෙදෙනෙකු තුවාල ලැබූ බව පොලීසිය පවසයි.

පහරදීමට එරෙහිව ත්‍රස්ත මර්දන ප්‍රතිපාදන යටතේ නඩු පවරන බවද පොලීසිය පැවසීය.

විරෝධතා දැක්වීම ව්‍යවස්ථාපිත අයිතියක් නමුත් ප්‍රචණ්ඩත්වයට යොමු වුවහොත් රජය නීතියට අනුව ක්‍රියාමාර්ග ගන්නා බව ද පොලීසිය වැඩිදුරටත් පැවසීය.